April 28, 2024

රිෂාඩ්ගේ සිර මැදිරිය රත්වෙයි! කරපු ඉල්ලීමත් නිලධාරීන් ඉවත දමයි Featured

September 15, 2021

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මේ වන විට සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ කාණ්ඩයේ වාට්ටුවක වෙනම සිර මැදිරියකයි.

මේ වන විට මන්ත්‍රීවරයාට එම සිර මැදිරිය තුළ අධික රස්නයක් පවතින බැවින් ඒ සඳහා විදුලි පංකාවක් ලබාදෙන මෙන් ඉල්ලා තිබෙනවා.

විදුලි පංකාව ලබාදෙන ලෙස පවසා මන්ත්‍රීවරයා විසින් ලිපියක් ද බන්ධනාගාර නිලධාරීන් වෙත ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් මන්ත්‍රීවරයාට විදුලි පංකාවක් ලබාදිය යුතු බවට බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර නොමැති අතර ඒ හේතුවෙන් එම සියලු කාරණා සැලැකිල්ලට ගෙන මන්ත්‍රීවරයා ඉල්ලූ විදුලි පංකාව ලබා නොදීමට බන්ධනාගාර නිලධාරීන් තීරණය කර තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 15 September 2021 10:58