May 05, 2024

"නංගිට ඉංග්‍රීසි බැහැ" - ඉශාලිනිගේ අයියාගෙන් විශේෂ හෙළිදරව්වක්

සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් නැමති තම සහෝදරිය අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු බවත්, තමන් දන්නා තරමින් ඇයට ඉංග්‍රිසි භාෂාව ලිවිමට හැකියාවක් නොමැති බව මිය ගිය ඉෂාලිනිගේ සහෝදරයා වන තිරුප්‍රසාද් පවසනවා.

ඒෂියන් මිරර් අපි කල විමසුමකට පිලිතුරු දෙමින් තිරුප්‍රසාද් කියා සිටියේ තම නැගණිය රැදි සිටි කාමරයේ ඉංග්‍රිසි භාෂාවෙන් තම මරණයට හේතුව යනුවෙන් ලියා තිබිම සම්බන්ධව තමන් කිසිවක් නොදන්නා බවයි.

තමන් දන්නා පරිදි යමක් බලාගෙන ලිවිමට හැකියාවක් නැගණියට තිබුණද ඉංග්‍රිසි අකුරු ගලපා යමක් ලිවිමට තම නැගණියට අධ්‍යාපන මට්ටමක් නොතිබුණු බවද තිරුප්‍රසාද් පවසනවා.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 August 2021 12:21