May 06, 2024

රිෂාඩ්ගේ බිරිඳ හා මාමණ්ඩිය ළමා ජාවාරමේ කප්පිත්තන්: බිරිඳගේ නඩුවකුත් යට ගහලා

රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳ වන මොහොමඩ් සියාබ්දීන් අයිසා සහ ඇගේ පියා වන මොහොමඩ් සියාබ්දීන් යන අය ළමා ජාවාරමේ යෙදී ඇති බව පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබෙනවා.

ජාවාරමට තුන්දෙනෙක්

මොවුන් දෙදෙනා රිෂාඩ් බදුදීන් පවුලට බාලවයස්කාර දැරියන් මුදලට අලෙවි කරන පොන්නයියා පණ්ඩාරම් සමග එක්වී මුදලට දරුවන් විකිණීම සහ මිලදී ගැනීම සිදුකර ඇති බවයි හෙළිදරව් වන්නේ.

ළමා ජාවාරම් මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගොස් තිබෙන්නේ රිෂාඩ් බදුදීන් මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසයි.

මන්නාරම් අධිකරණයේ නඩුව

රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳට මීට පෙරද ළමා ජාවාරමක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ නඩුවක් මීට වසර 13කට පෙර 2008 වර්ෂයේදී මන්නාරම් අධිකරණයේ විභාග වී තිබෙන බව වාර්තා වනවා.

එහෙත් රිෂාඩ් බදුදීන් මහතා එවකට පැවති ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ නිසා ඒ බලය මත එම නඩුවෙන් ඇය බේරී තිබෙනවා.

තැරැව්කරුට ලක්ෂයක්

රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී ගිනි තැබීමෙන් මියගිය බාල වයස්කාර දැරිවියක් වන ඉශාලිනී ජූඩ් කුමාර් දැරිවිය රිෂාඩ් බදුදීන් මහතාගේ මාමණ්ඩිය මිලට ගැනීම සඳහා ඉහත සඳහන් තැරැව්කරුට රු. ලක්ෂයක මුදලක් ගෙවා ඇති බවයි පරීක්ෂණවලින් තහවුරු වී තිබෙන්නේ.

මෙම දැරිවියට අමතරව තවත් දැරියන් 11 දෙනෙකු මෙසේ මිලදී ගෙන ඇති අතර ඉන් 9 දෙනෙකුම රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිදගේ පහර දීම් , පිළිස්සීම් වලට හා හිරිහැර වලට ලක්ව තිබෙන බවයි පරීක්ෂණ වලින්ම සනාථ වී තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 August 2021 02:41