May 05, 2024

ඉශාලිනී දැරිය සිද්ධියේ ප්‍රධාන සැකකරු රිෂාඩ් බදියුදීන් - සත්‍ය ගවේෂකයෝ

මේ වන විට රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී අවාසනාවන්ත ලෙස මිය ගිය ඉශාලිනී ජූඩ් කුමාර් දේහය යළිත් පරීක්ෂණ සඳහා ගොඩ ගෙන තිබෙනවා.

ඒ පරීක්ෂණ හෙට (31)  සිදු කිරීමට නියමිතයි.

මෙම දැරිවියගේ අවාසනාවන්ත මරණයට වග කිවයුතු ප්‍රධානතම සැකකරුවා රිෂාඩ් බදුදීන් මහතා බවයි සත්‍ය ගවේෂකයන්ගේ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ සමින්ද කෝනාර මහතා පෙන්වා දෙන්නේ.

ප්‍රධාන වගකිව යුත්තා ගෘහ මූලිකයා

ඒ මියගිය දැරිවිය මෙහෙකාර සේවයේ යෙද වූ නිවසේ ගෘහ මූලිකයා රිෂාඩ් බදුදීන් මහතා වන නිසා බවයි කෝනාර මහතා පෙන්වා දෙන්නේ.

දැරිවිය මෙහෙකාර සේවයට භාර ගැනීම , ඇයට ආරක්ෂාව ඇතුළු අනිකුත් පහසුකම් සැපයීම , ඇයගේ අන් මානුෂික අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බැලීමේ වගකීම පැවරී තිබෙන්නේ ගෘහ මූලිකයා වන රිෂාඩ් බදුදීන්
මහතාට බවයි කෝනාරගේ මහතාගේ මතය වන්නේ.

අනිවාර්යයෙන්ම ප්‍රශ්න කළ යුතු වීම

මේ නිසා අනිවාර්යෙන්ම ප්‍රධාන සැකකරු වන රිෂාද් බදුර්දීන් මහතාගෙන් ප්‍රශ්න කළ යුතු බව පෙන්වා දෙන කෝනාර මහතා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේදී ඒ බැව් සඳහන් කළේ එම මූලික පදනමෙන් බවයි සඳහන් කරන්නේ.

ඇතැම් විට රිෂාඩ් බදුදීන් මහතාබොහෝ ඉහළ පෙළේ සම්බන්ධකම් ඇති පුද්ගලයින් මෙවැනි ප්‍රශ්නයකදී ප්‍රකාශ කරන ආකාරයට තමන් ගෙදර ගෘහ මූලිකයා නොවන බැවින් තමන් මේ සම්බන්ධයෙන් දැනුවත් වීමක් නොමැති බව ප්‍රකාශ කිරීමටද ඉඩකඩ තිබෙන බවත් කෝනාර මහතා පෙන්වා දෙනවා.

සමාජ පිළිගැනීම

එහෙත් රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු වන රිෂාඩ් බදුදීන් මහතා ඔහුගේ නිවසේ ගෘහ මූලිකයා බව පොදු සමාජ පිළිගැනීම බවයි කෝනාර මහතා සඳහන් කරන්නේ.

නීතිඥ සමින්ද කෝනාර මහතා මේ අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ දැරිය මිය යාමේ මිය යාමේ සිද්ධියේ නීති තත්ත්වයන් පිළිබඳව සාකච්ඡාවකට එක්වෙමින්.

දැරිය පිලිස්සීමට ලක් වී මේ වන විට දින 27ක්ද එම පිළිස්සීම් මත දැරිය මිය ගොස් දින 15ක් ඉක්ම ගොස් ඇති මුත් තාමත් රිෂාඩ් බදුදීන් මහතාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් කර නැහැ.

මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 30 කට අධික සංඛ්‍යාවක් ප්‍රශ්න කිරීම් වලට ලක් කොට තිබෙන බව පොලීසිය ප්‍රකාශ කළ ද ඊට තවමත් බදුදීන් මහතා ඇතුළත් වී නැහැ.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 July 2021 21:37