May 05, 2024

දයාසිරි හැප්පුනද ?හැප්පුවාද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මීට ටික දිනකට පෙර අනතුරකට මුහුණ දුන්නා.

ඒ උදේ ව්‍යායාම කිරීම සඳහා මහ මග පදිමින් සිටි බයිසිකලය තවත් යතුරුපැදියක ගැටීමෙන්.

අනතුර ගැන සැකයක්

මෙම අනතුර ජයසේකර මහතාට අනතුරු ඇඟවීම සඳහා උවමනාවෙන්ම කළ එකක් බවටත් මේ වන විට කසු කුසුවක් යමින් පවතිනවා.

මේ පිළිබඳ සැකයක් දයාසිරි ජයසේකර මහතාටද තිබෙන බවයි ඔහුට කිට්ටු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

දෙවතාවක් අනතුරු ඇඟවීම

මීට පෙරද ඔහුට යම් පාර්ශවයක් විසින් දෙවතාවක් අනතුරු අඟවා ඇති බවත් දැනගන්නට තිබෙනවා.

ඒ කවුරුන්ද යන්න පක්ෂ මහ ලේකම්වරයා විසින් මෙතෙක් හෙළි කර නැහැ.

දයාසිරි ජයසේකර මහතාට ශ්‍රී.ල.නි.පය තුළ හා පොදුජන පෙරමුණේ ඇතමුන් සමඟත් ගැටළු තිබෙන බව ප්‍රකට කරුණක්.

සිදු වූ අනතුරින් දයාසිරි ජයසේකර මහතාට සුළු තුවාල සිදු වූ බවයි වාර්තා වුණේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 July 2021 14:49

Related items