May 06, 2024

පූසා වගේ හිටපු විමල් සිංහයා වුන කෑම වේලක් ගැන රාජිතගෙන් ඔත්තුවක්

විමල් වීරවංශ අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මුණගැසී ඔහුට අවනතව ඉදිරියේදී වැඩ කටයුතු කරන බවට සහතික වී ඇති බව වෛද්‍ය රාජිත සේනාරත්න හෙළිදරව් කරනවා.

රාත්‍රී කෑමකදී සිදුවූ හමුව

එම සහතිකය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා වෙත විමල් වීරවංශ අමාත්‍යවරයා ලබාදී තිබෙන්නේ දෙදෙනා එකට ගත් රාත්‍රී කෑමකදී බවයි සේනාරත්න මහතා හෙළිදරව් කරන්නේ.

මෙම හමුව සිදුව තිබෙන්නේ මීට දින තුනකට පමණ පෙර බවයි සේනාරත්න මහතා අවධාරණය කරන්නේ.

පූසා සිංහයා වුන විදිහ

පසුගිය මාස 6 ක කාලය පුරාවටම පාර්ලිමේන්තුවේ වැඩිපුර නොදැකපු වීරවංශ මහතා පාර්ලිමේන්තු පැමිණියත් වාඩිවී සිටියේ පූසෙක් මෙන් බවයි සේනාරත්න මහතා සඳහන් කරන්නේ.

බැසිල් රාජපක්ෂ මහතාට මුහුණදීමට නොහැකිව සිටි වීරවංශ මහතා දැන් සිංහයෙක් සේ හැසිරෙන්නේ රාත්‍රී කෑම වේලෙන් පසුව බව සේනාරත්න මහතා අවධාරණය කරනවා.

එය හොඳ දෙයක් බව පෙන්වාදෙන සේනාරත්න මහතා විශ්වාසභංග යෝජනාවෙන්ද තම කණ්ඩායමට අවශ්‍ය වූයේ විමල් වීරවංශලා කිසිදු මතවාදයක් නැති ඒ ඒ අවස්ථාවට එක එක දේවල් කියන අය බව තහවුරු කිරීමට බවත් සඳහන් කරනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරන වෛද්‍ය රාජිත සේනාරත්න මෙම හෙළිදරව් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Friday, 23 July 2021 10:52