May 05, 2024

ඉදිරියට ගිය දයාසිරි යලි ආපස්සට: 21 ගැන ලොකු විශ්වාසයකින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ශ්‍රී.ල.නි.පය , පොදුජන පෙරමුන ග්‍රහණයෙන් මිදී වෙනම ගමනක් යා යුතු බව ප්‍රසිද්ධියේම කියන කෙනෙක්.

දයාසිරි ජයසේකර මහතාගේ එම මතයට පසුගියදා පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේ දී එහි බහුතරයකගේ උණුසුම් ප්‍රතිචාරද ලැබුණා.

ජනපති හා අගමැති තාමත් විශ්වාසයි

එහෙත් ශ්‍රී.ල.නි.ප මහලේකම්වරයා දැන් හිටිහැටියේම එම ස්ථාවරය වෙනස් කොට ජනපති හා අගමැති ගැන විශ්වාසයක් තිබෙන බව කියන්නට පටන් ගෙන.

මීට මාස 11 කට පෙර පැවැති මහ මැතිවරණය අවසන් වූ දින සිට පොදුජන පෙරමුණෙන් ශ්‍රී.ල.නි.ප යට වන අසාධාරණය හා අකටයුතුකම් ප්‍රසිද්ධියේ විවේචන කළ ශ්‍රී.ල.නි.ප මහලේකම් වරයා දැන් කියන්නේ එළැඹෙන 21 ජනපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාව ඉතා පලදායී වනු ඇති බවයි.

සිදු වූ අසාධාරණයට සාධාරණය ඉටු කිරීම

එහිදී පොදුජන පෙරමුණෙන් ශ්‍රී.ල.නි.ප යට වන අසාධාරණයට පිලියමක් යෙදෙනු ඇති බව තමන්ගේ විශ්වාසය බව මහ ලේකම්වරයා මේ වන විටත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට තිබෙනවා.

ශ්‍රී.ල.නි.ප යට පොරොන්දුවූ ඇමති ධුර 3 ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 2 මෙන්ම පොරොන්දු වූ ආයතන සභාපති ධූර ඇතුළත් අනිකුත් තනතුරු ලබාදීම මහ මැතිවරණයෙන් පසු පොදුජන පෙරමුණ කඩ කළේ ප්‍රසිද්ධියේමයි.

ආණ්ඩුවට වසරක් කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී පොදුජන පෙරමුණ වසරක් තුළ කඩ පොරොන්දු වලට 21 දා ජනපතිවරයා සමඟ පවත්වන සාකච්ඡාවේදී සාධාරණ විසඳුම් ලැබෙතැයි ශ්‍රී.ල.නි.ප මහ ලේකම්වරයා ඇතුළු පක්ෂ ප්‍රධානින් සිටින්නේ ලොකු බලාපොරොත්තුවකින්.

එළඹෙන 21දින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 July 2021 23:34

Related items