April 27, 2024

ආණ්ඩුවෙන් හිටපු ජනපතිට අනතුරු ඇඟවීමක්: සභාපති පුටුව පරිස්සම් කරගන්න

ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඒ තමන්ගේ පක්ෂ සභාපති ධුරය පක්ෂ මහ ලේකම් වන දයාසිරි ජයසේකර මහතාගෙන් රැක ගන්නා ලෙසයි.

පුටුවෙම වාඩි වෙලා ඉන්න

වැරදීමකින් හෝ සභාපති පුටුවෙන් නොනැගිටින ලෙසත් හිටපු ජනපතිවරයාට දැනුම් දෙන ආණ්ඩුව එසේ වුවහොත් පක්ෂ මහ ලේකම්වරයා එහි අසුන් ගැනීම නොවැලැක්විය හැකි කරුණක් වන්නේ ඔහුගේ ඉලක්කය කෙටි මඟකින් ශ්‍රී.ල.නි.ප සභාපතිවරයා වීම බවයි පෙන්වා දෙන්නේ.

ඇට නැති දිවකට හිමිකම් කියන ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ කතා ආණ්ඩුව ගණන් නොගන්නා බවත් එම අනතුරු ඇඟවීම සමගම ප්‍රකාශ කරනවා.

ආණ්ඩුව වෙනුවෙන් අදහස් දැක්වූ ඇමතිවරයා

ආණ්ඩුව වෙනුවෙන් හිටපු ජනපතිවරයාට මෙම අනතුරු ඇඟවීම කරන්නේ වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතායි.

අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ එම අනතුරු ඇඟවීමට හේතු වී තිබෙන්නේ ශ්‍රී.ල.නි.ප මහ ලේකම්වරයා දිගින් දිගටම පොදුජන පෙරමුණ මෙන්ම එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාවද ප්‍රසිද්ධියේ විවේචනය කිරීමයි.

විහිලු ඇමතිධූර

තමාට ලබා දුන් විහිලු සහගත බතික් රාජ්‍ය ඇමතිකමෙ නිර්මාතෘ එවැනිම විහිලු ඇමති ධුර ගණනාවක් නිර්මාණය කළ බැසිල් රාජපක්ෂ මහතා බවටයි ශ්‍රී.ල.නි.ප මහ ලේකම්වරයා චෝදනා කරන්නේ.

තමන් නියෝජනය කරන ආණ්ඩුව ප්‍රසිද්ධියේ විවේචනය කරන පක්ෂ මහ ලේකම්වරයාගේ මෙම ක්‍රියා පිලිවෙත මධ්‍යම කාරක සභාවේ බහුතරයකගේ ප්‍රසාදයට ලක්ව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා මේ දක්වාත් කිසිදු අදහසක් ප්‍රකාශ කොට නැහැ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 11 July 2021 18:26