April 28, 2024

ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියයි! මෛත්‍රීගේ තීන්දුවත් දන්වයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව නියෝජනය කරණ වෘත්තියවේදින් ඊයේ (08) රාත්‍රියේ පැවති මධ්‍යම කාරක සභා රැස්විමේ දි ඉල්ලා තිබෙනවා.

ආර්ථිකය කඩා වැටිම හා රටේ ඇතිවි තිබෙන අයහපත් තත්වය පිළිබද සංඛ්‍යා ලේඛන සහිතව වෘත්තියවේදින් විසින් මධ්‍යම කාරක සභා රැස්විමේ දි පෙන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රීලනිප මධ්‍යමකාරක සභාව නියෝජනය කරණ වෘත්තියවේදින් වන මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස, ධම්ම දිසානායක, සෝමරත්න දිසානායක, චමලි ලියනගේ යන විද්වතුන් වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට දැඩිව ප්‍රකාශ කර තිබෙනවා.

අතුල රාහුබද්ධ, ගාමිණි තිලකසිරි, මනෝජි සිරිසේන යන මධ්‍යම කාරක සභිකයින්ද සදහන් කර සිටි ඇත්තේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වි වෙනම ගමනක් යා යුතු බවටයි. 

පොහොට්ටුව ගැන කළකිරීමෙන්

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්විම මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මුලස්ථානයේ දි පැවැත්වුණා.

මෙම මධ්‍යම කාරක සභා රැස්විම සදහා වෙනදාට වඩා මධ්‍යම කාරක සභිකයින් දැඩි උද්යෝගයෙන් යුතුව සහභාගි වි සිටි බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රිවරු 14 දෙනාම මධ්‍යම කාරක සභා රැස්විමට එක්ව තිබෙනවා. 

ශ්‍රීලනිපයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි පිළිබද මෙහිදි මධ්‍යම කාරක සභිකයින්ගේ කථා බහට ලක්ව ඇතැයි ආරංචි මාර්ග පැවසුවා..

ශ්‍රීලනිප නායක, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය මතය ප්‍රකාශ කරමින් මෙහිදි සදහන් කර ඇත්තේ ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරණ වෘත්තියවේදින් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට දැඩිව ප්‍රකාශ කළද පැය දෙකක පමණ සාකච්ඡාවකින් පසු ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට තිරණය කිරිමට නොහැකි බවත්ය.

මේ පිළිබද තවදුරටත් පුළුල්ව සාකච්ඡා කළ යුතු බවත් පොහොට්ටුවේ ඇතමුන් කියන කථා ගණන් ගතයුතු නැති බවත් එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබෙනවා. 

ජනපති - ශ්‍රීලනිප හමුවක්

මේ අතර ශ්‍රීලනිපයේ මන්ත්‍රිවරුන් 14 දෙනාට ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා හමුවිම සදහා දිනයක් ලබාදි ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

ආණ්ඩුවට එරෙහිව සෘජුව අදහස් ප්‍රකාශ කළ ශ්‍රීලනිපයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට මධ්‍යම කාරක සභිකයින්ගේ ප්‍රසාදය හිමිව තිබෙනවා. 

මාතලේ දි සම්මත කරගත් පරිදි ඉදිරියේ දි ගමට ගොස් ශ්‍රීලනිපය ප්‍රතිසංවිධානය කළයුතු බවටද මෙහිදි තීන්දු කර තිබෙනවා.

මෙම මධ්‍යම කාරක සභා රැස්විමේ දි ශ්‍රීලනිප නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 14දෙනා කිසිදු අදහසක් ප්‍රකාශ නොකිරිමද විශේෂත්වයක්.

ඇමැතිකම හැර යන්න දයාසිරි ලෑස්තියි

මේ අතර අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බව බතික්, අභ්‍යන්තර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ කාර්යාලයේදී ඉකුත් අඟහරුවාදා (06) රැස්වූ අවස්ථාවේ ඇතිවූ සංවාදයක් අතර තුරදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබෙනවා.

දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ඉකුත් දා කළ ප්‍රකාශය සුදුසු නොවන බව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වු රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු ප්‍රකාශ කර ඇත්තේ.

ආණ්ඩුවේ සිටිමින් එවැනි ප්‍රකාශ කිරීම අනුමත කළ නොහැකි බව ඔවුන් ප්‍රකාශ කර ඇති අතර ,ඊට පිළිතුරු දී ඇති දයාසිරි ජයසේකර මහතා තමා අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ප්‍රකාශ කර සිටින්නේ.

තමාට රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ හැකි බව ද ජයසේකර මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

එහෙත් ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි එම සාකච්ඡාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 09 July 2021 15:22

Related items