May 06, 2024

වීරවංශයි, ගම්මන්පිලයි ගැන රාජිතගෙන් අනාවැකියක්

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කූඩැල්ලන් මෙන් පොදුජන පෙරමුණේම දිගටම එල්ලී සිටින බව වෛද්‍ය රාජිත සේනාරත්න අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානයේ ප්‍රධාන පාර්ශව වන පොදුජන පෙරමුණ විසින් කුමන කෙනෙහිලිකම් කළද වීරවංශ හා ගම්මන්පිල යන අමාත්‍යවරුන් දෙදෙනා එතනින් එළියට එන්නේ නැති බවයි සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ.

පල නොකියා පලා බෙදීම

මේ වන විටත් පොදුජන පෙරමුණ ඉහළ නායකත්වයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් විසින් ඔවුන් දෙදෙනාටම ප්‍රසිද්ධියේ පල නොකියා පලා බෙදන බවත් එහෙත් ඔවුන් දෙදෙනා එය නොදන්නා සේ හැසිරෙන බවයි සේනාරත්න මහතා අවධාරණය කරන්නේ.

ඊට හේතුව ලෙස සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ වීරවංශ සහ ගම්මන්පිල යන මහත්වරුන් දෙදෙනාටම රාජපක්ෂවරුන්ගෙන් තොර දේශපාලන ගමනක් නැති බව ඔවුන් වටහාගෙන තිබීමයි.

මෙම තත්ත්වය තුළ ඔවුන් දෙදෙනා සමග දේශපාලන පෙරළියත් ගැන කතා කිරීම තේරුමක් නැති බවයි සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ.

කලකිරුණු තවත් පිරිසක් සිටීම

එහෙත් ආණ්ඩුව තුළ වෙනත් බොහෝ කලකිරුණු පිරිස් සිටින බව හෙළිකරන සේනාරත්න මහතා ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමට තවමත් කල් වැඩි බවයි අවධාරණය කරන්නේ.

දේශපාලන කපුකම් වලට නම් දරාපු සේනාරත්න මහතා මෙම හෙළිදරවුව කරන්නේ පොදුජන පෙරමුන සන්ධානයේ සන්ධානගත පක්ෂ හා සංවිධාන 12කින් සමන්විත විකල්ප කණ්ඩායමේ නායකයින් දෙදෙනෙකු වන විරවංශ හා ගම්මන්පිල අමාත්‍යවරුන් සමග යම් දේශපාලන සාකච්ඡාවක් කළේද යන්න ඒෂියන් මිරර් කළ විමසුමට පිළිතුරු දෙමින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 03 July 2021 10:57