May 04, 2024

සුළු පක්ෂ ආණ්ඩුවෙන් දොට්ට - කිහිප දෙනෙකුට කැබිනට් ඇමැතිධූරත් නැතිවෙයි

අද වන විට ආණ්ඩුව තුළ මේවන විට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධව සිටින හවුල්කාර පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් කිරීම එම කුමන්ත්‍රණ යැයි ද ඇමැතිවරයා පෙන්වා දෙනවා.

ආණ්ඩුව බිහි කිරීමට ශක්තිය දුන් පක්ෂ නායකයන් කැබිනෙට්ටුවෙන් ඉවත් කිරීමට එම පක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් කිරීමට සැලසුමක් ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.

මෙයාකාරයට ගියොත් අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම තත්ත්වය අත් බවද දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්ධන මිල වැඩි කරන ලද්දේ උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ තනි කැමැත්තෙන් නොවන බවත් ආණ්ඩුවේ තීරණයක් බවද පෙන්වා දෙන ඔහු ඔහුට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය මෙම ආණ්ඩුවේ දෙපාර්ශවයක් අතර ඇති මතයෙන් භේදය වාසි ලබාගැනීම සඳහා විපක්ෂයේ සැලසුමක් යැයි වැඩිදුරටත් කියා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 07:17

Related items