May 20, 2024

රටම කතා වූ පුරපතිගෙන් "දැන් සැප ද?" ඇසූ අයෙක් අත්අඩංගුවට

පසුගිය දා එන්නත්කරණ මධ්‍යස්ථානයක කටයුතුවලට බාධා කිරීම මත රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් වූ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාට දුරකතන ඇමතුමක් ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා නගරාධිපතිවරයාගේ දුරකතනයට අමතා “දැන් සැපද?” යනුවෙන් විමසා තිබෙනවා.

කෙසේ වෙතත් නගරාධිපතිවරයා පොලීසියට පැමිණිලි කොට ඇත්තේ  අදාළ පුද්ගලයා තමන්ට පීඩා ඇති වන ආකාරයට දුරකථන ඇමතුම් ලබා දෙමින් “දැන් සැපදැයි” විමසමින් මරණ තර්ජනය කළ බවට යි.

ඒ අනුව සිද්ධියට සැක කෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ දුරකතන වාර්තාවක් ලබා ගැනීමට මොරටු අධිකරණයෙන් අවසර ඉල්ලීමට පොලීසිය ක්‍රියා කර ඇති අතර ඒ අනුව කළ විමර්ශනවලදී අදාල ඇමතුම ලබා දී ඇත්තේ ඔහු විසින් බවට ම සනාථ වූ බව යි වාර්තා වන්නේ.

එම පුද්ගලයා රත්මලාන, තෙලවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් මීට පෙර බොරුපන ප්‍රදේශයේ අනවසර තාප්පයක් ඉවත් යෑමේදී නගරාධිපතිවරයා සමග ආරවුලක් ඇති කරගත් අයෙකු බවත් පොලීසිය ප්‍රකාශ කළා.

Rate this item
(2 votes)