May 04, 2024

දයාසිරි මහ ලේකම්කමෙන් එලවන්න මේ දෙන්නා බරටම වැඩ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර එම ධුරයෙන් ඉවත් කිරීම සදහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු මුල් වී කටයුතු කරන බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජයසේකර මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන කැබිනට් අමාත්‍යවරයෙකු සහ ජාතික සංවිධායක ධූරය දරන රාජ්‍ය අමාත්‍යවරයෙකු මුල් වී සිටිනවා.

මහ ලේකම්ගේ මතය

විශේෂයෙන්ම දයාසිරි ජයසේකර මහතාට එරෙහිව මෙම වැඩ පිළිවෙළ දියත් කිරීමට හේතු වී තිබෙන්නේ පොදුජන පෙරමුණෙන් වෙන්ව ශ්‍රීලනිපය මුල් වූ ප්‍රගතිශීලී පක්ෂවල සහයෝගයෙන් වෙනම සන්ධානයක් ගොඩ නඟා ගමනක් යා යුතුයි යන පදනමේ සිටීමයි.

දයාසිරි ජයසේකර මහතා පක්ෂ මහලේකම් කමින් ඉවත් කිරීමට කටයුතු කරණ මේ දෙපළ වන්නේ මහින්ද අමරවීර කැබිනට් අමාත්‍යවරයා සහ දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා බවයි වාර්තා වන්නේ.

මහලේකම්ට එරෙහි පාර්ශවයේ මතය

අමරවීර හා දිසානායක යන මහත්වරුන් ශ්‍රීලනීපය පොදුජන පෙරමුණේ සන්ධානගත පාර්ශවයක් ලෙස දිගටම කටයුතු කළ යුතුයි යන ප්‍රතිපත්තියේ තදින්ම එල්බ සිටිනවා.

මේ දෙපළ යහපාලන ජාතික ආණ්ඩුවේ ද කැබිනට් අමාත්‍ය ධූර දැරූ අතර එහිදීද එවකට අග්‍රාමාත්‍යවරයාව සිටී රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනා දෙකකදීම ආණ්ඩුව රැක ගැනීමට කටයුතු කිරිමද විශේෂත්වයක්.

යහපාලන ආණ්ඩුව රැකීමට මුල් වීම

එහිදීත් දයාසිරි ජයසේකර එස්.බී.දිසානායක යන මහත්වරුන් ප්‍රමුඛ 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රීලනිප කණ්ඩායමක් එම විශ්වාසභංග යෝජනා දෙක ජයග්‍රහණය කරවීමට කටයුතු කළ අතර ඉහත සඳහන් දෙපළ ඊට ප්‍රතිවිරුද්ධව සිටියා.

එම විශ්වාසභංග දෙකම ගෙන ඒමට මුල් වූයේ එවකට ඒකාබද්ධ විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස වන අතර ඒ අවස්ථාවේ මේ දෙපළ ඊට විරුද්ධ වුවද අද රාජපක්ෂවරුන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමද විශේශත්වයක්.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 June 2021 16:40

Related items