May 04, 2024

පුළුල් පෙරමුණකට නිදහස් පක්ෂය සූදානම් - ප්‍රබලයෙකු හෙළිකරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදයක් හටගෙන ඇති බවට මේවන විට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම පක්ෂයේ ප්‍රබලතම සාමාජිකයෙකු ඒෂියන් මිරර් සමග ප්‍රකාශ කළා.

එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සහ පක්ෂයේ අනෙකුත් ප්‍රබලයන් අතර අර්බුදයක් පවතින බවට අදාළ වාර්තා පැතිරයන බවත්, ඒවා කිසිදු පදනමකින් තොර සාවද්‍ය ඒවා බවත් අප සමග අදහස් දැක්වූ නිදහස් පක්ෂ ප්‍රබල සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කළා.

ජයසේකර මහතා සහ පක්ෂයේ අනෙකුත් සාමාජිකයන් අතර මනා අවබෝදයක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් අනාගතයේ දී පුළුල් පෙරමුණක් බිහි කිරීමේ සූදානමක් පවතින බව ද ඔහු පවසා සිටියා.

ඒ වෙනුවෙන් විවිධ සාකච්ඡා මේවන විටත් පවත්වා ඇති බවත්, විවිධ පක්ෂ සහ කණ්ඩායම් මෙම පුළුල් පෙරමුණට එකතු කරගැනීමට බලාපොරොත්තුවන බවත් ඔහු අනාවරණය කළා.

වත්මන් ආණ්ඩුවට සම්බන්ධ සුළු පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් එක් වී මීට පෙර විකල්ප කණ්ඩායමක් ලෙස සාකච්ඡා මාලාවක් පැවැත්වූ අතර එයට, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් විමල් වීරවංශ මහතා ද, පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් උදය ගම්මන්පිල මහතා ද සම්බන්ධ වුණා.

එමෙන්ම අතුරලියේ රතන හිමි, තිස්ස විතාරණ මහතා, වාසුදේව නානායක්කාර මහතා සහ ගෙවිඳු කුමාරතුංග මහතා වැන්නවුන් ද ඒ සඳහා එක් වූවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඒ හා සම්බන්ධ වූ අතර එම පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා එම සාකච්ඡාවලට සහභාගී වූවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 June 2021 17:11

Related items