May 03, 2024

නිදහස් පක්ෂය තුළ ගැටුමක් - දයාසිරි තනිවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ යළි අර්බුධයක් හටගෙන ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙය හටගෙන ඇත්තේ දයාසිරි ජයසේකර මහතා සහ පක්ෂයේ තවත් ප්‍රබලයින් පිරිසක් අතර යි.

ජයසේකර මහතා එම පක්ෂයේ මහලේකම් ධූරය දරන්නා වනවා.

දයාසිරි ජයසේකර මහතා පක්ෂ ස්ථාවරයට පිටින් යමින් අදහස් දැක්වීම මෙම අර්බුධයට ප්‍රබලතම හේතුව බව පැවසෙනවා.

නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් අනාගතයේ දී පුළුල් පෙරමුණක් බිහි කිරීමටයි පක්ෂය තුළ මේවන විට සාකච්ඡා වී ඇත්තේ.

ඒ සඳහා යෝජනාවක් ද සම්මත වී ඇතත්, මහලේකම් ජයසේකර මහතා ඊට දැඩි ලෙස විරෝධය දක්වා ඇති බව පුවත් ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

ඔහුගේ දැඩි ස්ථාවරය වී ඇත්තේ තවදුරටත් ආණ්ඩුවත් සමග ඉදිරියට යා යුතු බවට යි.

මේ අතර, මෙවන් තත්ත්වයක් මත දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ මහලේකම් ධූරයේ අනාගතය පවා දැඩි අවිනිෂ්චිත තලයකට පත්ව ඇතැයි පුවත් වාර්තා සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 June 2021 15:24

Related items