May 20, 2024

"මම දීපු තුන්ඩුවලට විතරයි එන්නත දෙන්න ඕන" - නගරාධිපති නිසා කැළඹුණු මොරටුවේ එන්නත්කරණ වැඩපිළිවෙල (VIDEO)

මොරටුව ප්‍රදේශයේ අද පැවති කොවිඩ් එන්නත්කරණ ව්‍යාපෘතියේ දැඩි නොසන්සුන්තාවයක් හට ගනු ලැබිය. ඒ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා විසින් තමන් විසින් නිකුත් කරන ලද ටෝකන් පත් හිමි පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබාදිමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරින්ට බලපෑම් කිරිම නිසාය.

කෙසේ වුවත් නගරාධිපතිවරයාගේ ඉල්ලීම සෞඛ්‍ය බලධාරින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර දෙපාර්ශවය අතර උණුසුම් සංවාදයක් ද ඇති විය.

නගරාධිපති වරයා විසින් ලබාදෙන ලද තුණ්ඩුවකට අනුව එන්නත්කරණය සිදු නොකළේ යැයි ඔහු චෝදනා කරයි.

නමුත් වෛද්‍ය නිලධාරිනිය සඳහන් කරන්නේ තමනට ලැබී ඇති උපදෙස් අනුව එන්නත් කරණය සිදුකරන බවය.

නගරාධිපතිවරයා තම රාජකාරියට බාධා කළ බවට ද ඇය පොලීසියට පැමිණිලි කළාය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 May 2021 22:13