May 08, 2024

"රට වහලා බෑ කියපු අය දැන් රටෙත් නැහැ" - රාජිත

කොවිඩ් වසංගත තත්වය හමුවේ වත්මන් රජය පෙන්නුම් කරන අසාර්ථකත්වය මත රටේ ජනතාවට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමට නම් මෙම වසර අවසාන වනතෙක් ඉවසාගෙන සිටීමට සිදුව ඇති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

වත්මන් තත්වයට මුහුණ දීම සඳහා ජනාධිපතිවරයාට හෝ වත්මන් ආණ්ඩුවට හෝ කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත්, එවැනි නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර ගැනීම සඳහා වුවමනාවක් හෝ නොමැති බව රාජිත සේනාරත්න මහතා පවසයි.

අවම තරමින් වසංගත තත්වයෙන් එක මතයක සිට අදහස් ප්‍රකාශ කිරීමට හෝ ආණ්ඩුවේ ඇමතිවරුන් අසමත් වී ඇති බවත්, එය එක් එක් ඇමතිවරුන් දක්වන අදහස් මත තහවුරු වන බවත් ඒ මහතා පවසයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්විය.

"වසංගත තත්වයක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා පුද්ගලයන් බවට පත්ව සිටින්නේ උදය ගම්මන්පිල වැනි ඇමතිවරුන් බවත්, ගම්මන්පිල ඇමතිවරයා ඔක්ස්ෆර්ඩ් විශේෂඥයන්ටත් වඩා දැනුම ඇති වෛද්‍යවරයෙකු වී ඇති බවත් ඔහු පවසනවා. එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් ලබාදීම බරපතල අහිතකර ප්‍රතිවිපාක ඇති කරන්නක් වියහැකි බවට ඔක්ස්ෆර්ඩ් විශේෂඥයන් අනතුරු අඟවා තිබියදී ගම්මන්පිල ඇමතිවරයා වර්ග දෙකකින් මාත්‍රා දෙක ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව පවසන්නේ ඒ නිසා බවද රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා."

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 May 2021 20:11