වරාය නගර පනත් කෙටුම්පතේ තිබෙන්නේ වෙනම කලාපයකට අයත් නීති සමුදායක් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.
ඒ සඳහා වූ උදාහරණද පෙන්වා දෙමින් කතා කළ මන්ත්‍රීවරයා ඇතැම් මෙරට නීති එම කලාපයට අනුගත කර ඇති බවත් , තවත් නීති වලින් නිදහස් කොට ඇති බවත් , බොහෝ නීති එම කලාපයේ වෙනුවෙන් ඉතා ලිහිල් කොට ඇති බවත් සඳහන් කරයි.
මෙම පනතින් පාර්ලිමේන්තුවට මධ්‍යගත නොවන පනත් හතක් තිබෙන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා වරාය නගර භූමි ප්‍රදේශය එම පණක් 7 ට බැඳීමක් නැති බව ද සඳහන් කරයි.
එම පනත් රටේ මූල්‍ය ක්ෂේත්‍රය හා බැදි බවත් සඳහන් කරන මන්ත්‍රීවරයා තවත් පනත් 14ක් කොමිසමට අවශ්‍ය ආකාරයට සංශෝධනය කළ හැකි ආකාරයට බලය පවරා තිබෙන බවද පෙන්වා දෙයි.