අද රට හා රටේ වෙසෙන ජනතාව අතිශයින්ම විනාශකාරී අත්දැකීම් වලට මුහුණ දෙමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.
දශක ගණනාවක් මුළුල්ලේ අනුගමනය කරන ලද ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති රටට හා ජනතාවකට විය හැකි සියලුම පන්නයේ විනාශයන් අත්පත් කර දී හමාර බවයි ඔහු පෙන්වා දෙන්නේ.
විනාශකාරී තත්ත්වය
ජනතා විමුක්ති පෙරමුණේද නායකයා වන අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ ජාතික ජන බලවේග නියෝජිත මහ සමුළුව අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා සඳහන් කළේ ආර්ථික ක්ෂේත්‍රයේ බැලුවහොත් එය දැන් අන්තිම විනාශකාරී තත්ත්වයකට ගෙන ගොස් හමාර බවයි.
විශාල භාණ්ඩ හිඟයක් මතු වීම , භාණ්ඩ වල මිල ඉහළ යෑම , අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගත් කන්ටේනර් 150 කට වැඩි පමාණයක් වරයි සිරවී තිබීම , එළඹෙන ණය වාරික ගෙවා ගත හැකිද නොහැකිද යන අවිනිශ්චිත තත්ත්වයක තිබීම හරහා සාමාන්‍ය ජනතාවගේ ජීවිතය අර්බුද රැසකට ගොදුරු කර ඇති බවයි දිසානායක මහතා අවධාරණය කරන්නේ.
සම්ප්‍රදායික දේශපාලනය
ජනතාවගේ ජීවිතය උසස් කිරීමට බැරි රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට බැරි ආර්ථික හා දේශපාලන ගමන්මග ඇති ඵලය කුමක්දැයි දිසානායක මහතා ප්‍රශ්න කරනවා.
අප ඉදිරියේ පෙන්නුම් කර තිබෙන්නේ දශක ගණනාවක් පුරා අනුගමනය කළ දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තියේ භයානකම අවස්ථාව බව ඔහු සඳහන් කරනවා.
එනිසා මේ සාම්ප්‍රදායික දේශපාලන ගමන් මඟට මේ රට වෙනස් කළ හැකිද යන්න සිතා බලන ලෙස ඔහු ඉල්ලා සිටියා.
පැරැණි සම්ප්‍රදායික දේශපාලන ගමන් මඟට රට ඉදිරියට ගෙන යා නොහැකි බව දැන් ඔප්පු කර හමාර බව දිසානායක මහතා අවධාරණය කරනවා.