May 01, 2024

විවාදය මාතෘකාවෙන් පිට "තමුසෙ - මෝඩයා" යයි එකිනෙකාට කියා ගනිමින් සරත්ලා දෙන්නා යලිත් හැප්පෙයි

තමුසේ නොදන්නා දේවල් කතා නොකර ඉන්න යයි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අමතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙනි.

කොවිඩ් 19 තත්ත්වය පිළිබඳව පැවැති විවාදයට එක්වෙමින් අදහස් දැක්වීම ආරම්භ කළ විරසේකර මහතා ටික වේලාවක් යත්ම ජාතික ආරක්ෂාව ගැන කතා කරමින් ෆොන්සේකා මහතා සමග පැටලුණු අතර එහිදී ෆොන්සේකා මහතා ගත් ඇමරිකානු ඩොලර් පන් ලක්ෂ විසි දහසක මුදලක් ගත් කතාවක්ද හෙළිදරව් කරයි.

සරත් ෆොන්සේකා මහතා මුදලට රට ජාතිය පාවා දෙන බවත් සුදු කොඩි සිද්ධිය එහි පළමු අවස්ථාව බවත් සමස්ත ජනතාවම මේ බව දන්නා බවද වීරසේකර මහතා සඳහන් කරන ලදී.

එහිදී යුද්ධයේදී ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත් දෙමළ ජාතිකයින් දොළොස් දහසක් මුල් කොට ගෙන වීරසේකර මහතා කළ ප්‍රකාශයක් මුල් කොටගෙන මේ මොන මෝඩයෙක් දැයි ෆොන්සේකා මහතා වීරසේකර මහතාගෙන් ප්‍රශ්න කර ලදී.

යුද්ධය අවසන් කිරීමේදී සම්මාන ලැබූ ප්‍රධාන පස්දෙනා අතර තමන් සිටින බවද එහිදී සරත් වීරසේකර මහතා ෆොන්සේකා මහතාට මතක් කර දුන් අතර ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් ධූරය එකට නොව කෝප්‍රල් තනතුර කටවත් ගැලපෙන්නේ නැති බව සදහන් කළේ ආණ්ඩු පක්ෂයේ උණුසුම් ප්‍රතිචාර මැදය.

සුනිල් රත්නායක මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන්ද දෙදෙනා අතර වචන හුවමාරුවක් ඇති විය.

මේ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සරත් වීරසේකර මහතා සරත් ෆොන්සේකා මහතා අමතා කරන චෝදනා ස්ථාවර නියෝගවලට පටහැනි බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති කිහිපයක් හුවා දක්වමින් පෙන්වාදෙමින් ඒවා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසද කතානායකවරයාගෙන් ඉල්ලා සිටින ලදී.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 05 May 2021 12:01

Related items