May 21, 2024

(EXCLUSIVE) මාලදිවයිනේදී සිදුවූ ගුවන් අනතුර ගැන ඇමති කරුණු කියයි

මාලදිවයිනේ දී අනතුරට පත් ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමට අයත් යානය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් විසින් විෂය භාර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් කරුණු විමසීමක් කළෙමු.

අමාත්‍යවරයා විසින් එහිදි පවසා සිටියේ මෙම සිදුවීම වී ඇත්තේ අත්වැරැදීමකින් බවයි. ඒ හේතුවෙන් යානයේ නියමුවාට හෝ කාර්යමණ්ඩලයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම අනතුරට මුහුණ පෑ යානය රක්ෂණය කර ඇති බැවින් ඒ හරහා යානයට සිදු වූ අලාභය පියවා ගැනීමට කටයුතු සිදුකරමින් සිටින බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒෂියන් මිරර් සමඟ පවසා සිටියේය.

ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමට අයත් එයාබස් වර්ගයේ A320neo (4R-ANB) දරන යානයේ පිටුපස තටුවක සේවා රථයක් වැදීම හේතුවෙන් අනතුරක් සිදුව තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාලදිවයිනේ ගුවන්තොටුපොළ බලධාරීන් විසින් ද පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

සබැඳි පුවත -

මාලදිවයිනේදී ශ්‍රී ලංකන් එයාර්ලයින් යානයකට අනතුරක්

Rate this item
(0 votes)