May 21, 2024

මාලදිවයිනේදී ශ්‍රී ලංකන් එයාර්ලයින් යානයකට අනතුරක්

මාලදිවයිනේ ගුවන් තොටුපොළේදී ශ්‍රී ලංකන් එයාර්ලයින් සේවයට අයත් එයාබස් වර්ගයේ A320neo (4R-ANB) යානය අනතුරකට මුහුණ දී තිබේ.

මෙම අනතුරට හේතුව වී ඇත්තේ ගුවන් තොටුපොළට අයත් සේවා රථයක් පැමිණ ගුවන් යානයේ ගැටීමයි.

මෙම අනතුරින් ගුවන් යානයේ පිටුපස කොටසේ තටුවකට (horizontal stabilizer) හානි සිදුව තිබේ.

මෙම සිදුවීමෙන් ගුවන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයෙන් මාලදිවයිනේ ගුවන් තොටුපොළ විසින් විශේෂ පරික්ෂණයක් ද ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාව ගුවන් යානයට සිදු වූ අනතුරින් වූ හානිය පිළිබඳවත් මෙතෙක් අලාභය ගණනය කර නොමැත.

එම සිදුවීමේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)