May 09, 2024

පිළිකා කාරක තියෙන බව කියද්දීත් තවමත් පොල්තෙල් රට පුරා

පසුගිය යහපාලන රජය සමයේ ගෙන්වා තිබූ බාල වර්ගයේ සැමන් සහිත කන්ටේනර් 32ක් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් තමා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සියලූ බලපෑම් නොසලකා ආපසු හරවා යැවීමට පියවර ගත්තද මේ ආණ්ඩුවට විෂ සහිත පොල්තෙල් ටික යළි හරවා යැවීමට බැරිවී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (01) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

"දැන් පොල් තෙල් ප‍්‍රශ්නයක් ඇවිත් තියෙනවා. එය තනිකරම පිළිකා කාරක සහිතයි. එක එක වංචා ආවා. සීනි වංචා, පොල්තෙල් වංචාව, ටයිල් වංචාව ලෙස වංචා රැසක් ආවා. මේ සියල්ලම ගෙනාවේ එකම අයෙක්. එයා පොහොට්ටුව කරේ තියාගෙන වැඩ කරපු කෙනෙක්. අපේ කාලයේ බාල සැමන් කන්ටේනර් 32ක් ආවා. එහි පණුවන් සිටියා. එදා යුද්ධයක් වගේ. ව්‍යාපාරිකයන් නොයෙක් බලපෑම් මට එල්ල කළා. ප‍්‍රමිති ආයතනය සහතික කළා ඒවා බෙදා හරින්න කියලා. එහිදී පණුවන් සිටින බව විමසීමක් කළ විට පැවසුවේ පණුවෝ දෙන්නෙක් හිටියට කමක් නැහැ කියලා. චීනයේ එසේ වුණාට කමක් නැහැ මේක ලංකාව බව මම තරයේ ප‍්‍රකාශ කළා. එක් පණුවෙක් සැමන්වල දැක්කොත් ඒ මිනිහා ජීවිත කාලෙම සැමන් කන්නේ නැහැ. එම නිසා වහාම සැමන් ටික තහනම් කරමින් කන්ටේනර් 32කම චීනයට හරවා යැව්වා. අද ජනතාව පොල් තෙල් ගැනීම නතර කර ඇති බව කඩ හිමියන් ප‍්‍රකාශ කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබා දුන්නා පිළිකා කාරක තිබෙන බවට. නමුත් රේගුව ඒවා නිකුත් කළා. ඒවා තමයි දංකොටුවෙන් හමුවුණේ. පිළිකා කාරක තිබෙන බව කියද්දී තවමත් පොල් තෙල් රටපුරා කරකැවෙනවා."

Rate this item
(0 votes)
Last modified on Friday, 02 April 2021 14:14