May 08, 2024

රාජිත හා චතුරගෙන් CCDය පැය 5ක් ප්‍රශ්න කරයි

විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබු, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරාත්න හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහත්වරුන් පැය පහක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මීට සුළු වෙලාවකට පෙර එම ස්ථානයෙන් පිටත්ව ගියහ.

පසුගියදා පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන මාධ්‍යවේදී සුජීව ගමගේ චතුර සේනාරත්න මහතාගේ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හමුවීම සම්බන්ධයෙන් කරුණු වීමසීම සඳහා ඔවුන් දෙදෙනාට මෙලස කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත්, පසුගිය සිකුරාදා දින ඔවුන් කොළඹ අපරාධ කොට්ඨාසයට නොපැමිණෙන බවත් අද දිනයේ තමා ඒ වෙනුවෙන් පැමිණෙන බවත් රාජිත සේනාරත්න මහතා විසින් දන්වා තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 March 2021 17:09