May 14, 2024

සජිත් - විමල් හමුවේ දී කතා කළ තොරතුරු එළියට - සංවත්සර උත්සවයටත් විමල් සුභ පතලා

විපක්ෂ නායක නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විමල් වීරවංශ මහතා මුණගැසුණු අවස්ථාවේ කතාබස් කළ දේ පිළිබඳව තොරතුරු කිහිපයක් එලිදරව් වී තිබේ.

සමගි ජන බලවේගයද නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායකයා ද වන විමල් වීරවංශ මහතාගේ හමුව පිළිබඳව මේ වන විට පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම අදහස් පලවෙමින් තිබේ.

සමගි ජන බලවේගය ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට මේ හමුව සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ව දැනුවත් කොට තිබේ.

සමගි ජන බලවේගය පළමු සංවත්සරය ඉතා සාර්ථක බවත් ඒ සම්බන්ධයෙන් සිය සතුට පළ කරන බව වීරවංශ අමාත්‍යවරයා තමාට පැවසූ බව විපක්ෂ නායකවරයා හෙළිකොට තිබේ.

ඒ හැර කතාබස් කළේ මොනවාදැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් නැගූ ප්‍රශ්නයට සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලි පිළිතුරක් දී නොමැති අතර "ඔය පොඩි පොඩි දේවල් කතා කළා" යැයි ප්‍රකාශ කොට එම ප්‍රශ්නයෙන් ලිස්සා ගොස් තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා ඒ ස්ථානයට පැමිණි අවස්ථාවේම විමල් වීරවංශ අමාත්‍යවරයාද එතනට පැමිණියේ කලින් කතිකාකරගත්  පරිදිද යන්න එක් ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රශ්න කොට ඇති අතර ඔහු ඊට සිනහවකින් පමණක් පිළිතුරු දී තිබේ.

සජිත් ප්‍රේමදාස හා විමල් වීරවංශ යන මහත්වරුන් අතර මෙම මතභේදාත්මක හමුව සිදුවූයේ මහරගම ප්‍රසිද්ධ රත්තරන් ව්‍යාපාරික සමාගමක සභාපතිවරියගේ අවමංගල්‍යය උත්සවයේදීය.

මේ වන විට ප්‍රේමදාස හා වීරවංශ යන මහත්වරු අතර මෙම හමුව සංවිධානය කළේ  තමන්  බවට නැගෙන චෝදනාව එක්තරා මුද්‍රිත මාධ්‍ය ආයතනයක් හිමිකරුවකු මෙන්ම  ආණ්ඩු පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වන තැනැත්තෙකු විසින්  විසින්  ප්‍රතික්ෂේප කොට තිබේ.

Rate this item
(6 votes)
Last modified on Sunday, 21 March 2021 00:45