May 13, 2024

සජිත් - විමල් හමුවක්? විමල්ගෙන් නිවේදනයක්

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් පසුගියදා සිදුව ඇතැයි ගුවන් විදුලි නාලිකාව වෙබ් අඩවියක සඳහන් කර තිබේ.

මෙම හමුව සිදුව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේදී බව එම ප්‍රවෘත්තියේ දැක්වේ.

කෙසේ වෙතත් මෙම පුවත අසත්‍යයයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා සදහන් කරයි.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් ගුවන් විදුලි නාලිකාවක සඳහන් කර ඇති විශේෂාංගයෙහි පළව ඇති "සජිත් විමල් අතර හමුවක් ටිරාන් අලස්ගේ නිවසේ දී" යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බවයි.

එම නිවේදනය නිකුත් කරන්නේ විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි බවයි.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම ජායාරුපය, පෙරේදා මහරගම දැදිගම මුදලාලිගේ නිවසේ පැවති අවමගුල් උත්සවයකදී ගෙන ඇති ජායාරුපයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය. 
 
එම අවමගුල් නිවසට තමා සහභාගිව සිටියදී විපක්ෂ නායකවරයාද පැමිණ සිටි බවත් ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ නිවසේදී විපක්ෂ නායකවරයා හමුවූ කතාව තරයේ ප්‍රතික්ෂේප කරන බවද විමල් විරවංශ අමාත්‍යවරයා අවධාරණය කළේය.
 
මේවන විට හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අතරද පසුගියදා හමුවක් සිදුව ඇති අතර ඒ අනුව ඔවුන් දෙදෙනා අතර ඉතා සුහද මිත්‍රත්වයක් ඇතිව ඇතැයි වාර්තා වේ.

Rate this item
(7 votes)
Last modified on Friday, 19 March 2021 17:13