May 05, 2024

රාජිත හා චතුර තවත් කිඹුල් කතාවට පැටලේ - විමර්ශන ඇරඹේ

ආන්දෝලනාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් දත්ත ඇතුළත් මෙමරි කාඩ්පතක් මුල් කර ගනිමින් පැහැර ගත් බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකළ වෙබ් මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 

මේ අතර, එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් සහ ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ප්‍රකාශ සටහන් කර ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මාධ්‍යවේදී සුජීව ගමගේ නමැත්තා මීරිගම නගරයේදී පැහැර ගැනීමට ලක්වූ බවත්, පසුව දෙමටගොඩ ප්‍රදේශයේදී අතහැර දමා ගිය බවටත් පොලීසිය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වෙතත්, ඔහු පැහැර ගෙන ගොස් නොමැති බවත්, එදින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න හමුවී ඇති අතර, ඊට අදාළවයි ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Rate this item
(0 votes)