May 09, 2024

පලිගැනීම් කොමිසමේ සාමාජිකයින් ගැන සමගි ජන බලවේගයෙන් තීන්දු රැසක් - රාජිත

මේ දිනවල දැඩි කතාබහකට ලක්ව තිබෙන දේශපාලන පලිගැනීම් පිළිබඳව සෙවීමට පත්කළ විශේෂ ජනපති කොමිසම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය කළමනාකාර කමිටු රැස්වීමේදී තීන්දු රැසක් ගත් බව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස බලපෑම් කිරීම ඉන් එක් තීන්දුවකි.

ඒ හැරුණු කොට එම කොමිසමේ සභාපති උපාලි අබේරත්න හා චන්ද්‍ර ජයතිලක යන විශ්‍රාමික විනිසුරුවන් දෙදෙනා ඉවත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 41 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් නීතිපතිවරයා වෙත යොමු කළ බවද සේනාරත්න මහතා පෙන්වා දෙයි.

එමෙන්ම එම විනිසුරුවන් දෙදෙනාගේ නීතිඥ භාවය අහෝසි කිරීම සඳහා ද කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට බලවේගය සූදානම් වන බවද සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 March 2021 00:53