May 05, 2024

සමගි ජන බලවේගයෙන් චතුර සේනාරත්නට බර වගකීමක්

උතුරු - නැගෙනහිර සුළු ජාතීන් සමගි ජන බලවේගය සමග සම්බන්ධ කර ගැනීමේ වගකීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට පවරා තිබේ.

එම වගකීම් පැවරීම සිදු කොට තිබෙන්නේ සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

පසුගිය දින කීපය පුරා විටින් විට උතුරු - නැගෙනහිර ප්‍රදේශවල රැස්වීම් පැවැත්වූ සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන්, එස්.එම් මරික්කාර්, කබීර් හෂීම් හා ඉමිතියාස් බාකීර් මාකර් යන මන්ත්‍රීවරුන් සිය අත්දැකීම් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ රවුෆ් හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසයේ හා රිෂාඩ් බදුර්දීන්ගේ මන්ත්‍රීවරුන් 20 වෙනි ආණ්ඩුක්‍රම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දිම නිසා විශේෂයෙන්ම එම ප්‍රදේශවල තරුණ ප්‍රජාව කලකිරී සිටින බවය.

එය එම ප්‍රදේශවල පළාත් පාලන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද සිටින පක්ෂයකට හිමිකම් කියන චතුර සේනාරත්න මහතාට එම ප්‍රදේශවල සංවිධාන කටයුතු කිරීමේ වගකීම හේතු වී තිබේ.

චතුර සේනාරත්න මහතා හිටපු සෞඛ්‍ය අමාත්‍ය වත්මන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයකු වන අතර මතභේදාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නෙකි.

Rate this item
(1 Vote)