May 01, 2024

කරු ජයසූරිය තීන්දුවක් ගනී - පොදු වේදිකාවක් සූදානම්

February 16, 2021

තමන් යළි කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා සාධාරණ සමාජයක් ජාතික ව්‍යාපාරය පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

කොළඹ ජානකී හෝටලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි. සාකච්ඡාවට සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන්ද සහභාගී වී තිබේ.

රජය විසින් ගනු ලබන ඇතැම් වැරැදි තීන්දු සම්බන්ධයෙන් පොදු වේදිකාවකදී ජනතාව දැනුවත් කිරීමට මෙහි දී යෝජනා කර ඇත.

ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ සිවිල් සංවිධානවලට ආරාධනා කරන බවත් තමන් යළි කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් හිටපු කථානායකවරයා අවධාරණය කර ඇත.

Rate this item
(0 votes)

Related items