May 01, 2024

කරූ එජාප නායකත්වයට ගෙන ඒම පිටුපස පාලිත හිමියන් - පාලිත හිමියන් පිටුපස සිටින්නේ?

එළැඹෙන පළාත් සභා මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව කෙසේ හෝ ඉවත් කිරීමේ සැලැස්මක් යළිත් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ කිසිදිනක නොවූවිරු අයුරින් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තමන් පක්ෂ නායකත්වය බාර ගැනීමට සුදානම් බව නිවේදනයක් මගින් දැනුම් දීමත් සමඟය.

එළැඹෙන පළාත් සභා මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය තරුණයෙකුට ලබා දෙන බවත් එතෙක් තමන් නායකත්වයේ රැඳී සිටින බව වික්‍රමසිංහ මහතා දැනුම් දෙන්නේ මීට ටික දිනකට පෙරය.

වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පළාත් සභා මැතිවරණයට මුහුණ දුන්හොත් පක්ෂය නැත්තටම නැතිවෙන බැවින් තමා දැන් නායක්වය භාර ගන්නා බව ජයසූරිය මහතා එම නිවේදනයෙන් දැනුම් දී තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජයසූරිය මහතා පක්ෂ නායකත්වයට ගෙන එමේ වැඩපිළිවෙල පිටිපස සිටින්නේ එක්සත් ජාතික පක්ෂයට ඉතා ලැදි ස්වාමීන්වහන්සේ නමක් වන තීනියාවල පාලිත හිමියන්ය. උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන ලෙස ලිඛිතව දැනුම් දුන් අතර එම ලිපිය වික්‍රමසිංහ මහතා විසින් පෙරළ ස්වාමින් වහන්සේ වෙත විසි කොට තිබේ.

තීනියාවල පාලිත හිමියන් පිටිපස සිටින්නේ උන්වහන්සේ සමඟ ඉතා සමීප ඇසුරක් පවත්වන එක්සත් ජාතික පක්ෂ නායක රවී කරුණානායක මහතා බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වය බලාපොරොත්තුවෙන් සිටිනමූත් අනාගත දිනක වූවද ඊට නායකත්වය ලබා දීමට වික්‍රමසිංහ මහතා තුළ කැමැත්තක් නොමැති බවට ප්‍රකට කරුණකි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 25 August 2020 09:43