May 02, 2024

ඇමැති ප්‍රසන්නට අඩු සැලකිලි

February 16, 2021

වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වසර පහක කාල සීමාව තුළ සිදු කිරීමට යෝජිත ව්‍යාපෘති සඳහා අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 188ක මුදල ප්‍රමාණවත් නොවන බව කර්මාන්ත අමාත්‍යාංශය අනාවරණය කරයි.

වසර පහක ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 5870ක මුදලක් අවශ්‍ය බව ගණන් බලා ඇත.

එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී 2021 වසර සඳහා ඒකාබද්ධ අරමුදලෙන් රුපියල් මිලියන 2000ක මුදලක් ලබාගැනීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා බලාපොරොත්තු වේ.

වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ ප්‍රසන්න රණවීර මහතාය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 February 2021 14:21