May 10, 2024

පොහොට්ටුවේ ලේකම්ට ඇමති විමල්ගෙන් සැර පිළිතුරක්! හැසිරීම ගැන අනුමත කළ යුතු අය ගැනත් කියයි

February 03, 2021

"මගේ හැසිරීම ජනතාව අනුමත කළහොත් මට ඒ ඇති" යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නැගෙනහිර පර්යන්තය සුරැකීම වෙනුවෙන් එක්වු ආණ්ඩුවේ පක්ෂ දහයේ නායකයින් එක්ව අද(03) පැවැත්වු මාධ්‍ය හමුවකදිය.

අමාත්‍ය විමල් වීරවංශ මහතා නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වූ කාරණයේ දී කටයුතු කළ ආකාරය ගැන කණගාටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි.

ඒ පිළිබඳ අද(03) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදීයෙකු ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව පැවසීය.

Rate this item
(4 votes)