May 11, 2024

"ඇමති විමල්ගේ හැසිරීම ගැන කණගාටුයි.. මාධ්‍ය හමු තියා වීරයන් වෙන්න යනවා" - පොහොට්ටුවේ ලේකම් විමල්ට දෙහි කපයි

February 02, 2021

කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු වන අමාත්‍ය විමල් වීරවංශ මහතා නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වූ කාරණයේ දී කටයුතු කළ ආකාරය ගැන කණගාටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

රජයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවානම් රජයේ සිටින සියලුම පාර්ශවකරුවන් රජය තුල සාකච්ඡා කර එළියට ගොස් මාධ්‍ය සාකච්ඡා පැවැත්විය හැකි වුවද විවිධ පුද්ගලයින් වෙන වෙනම මාධ්‍ය සාකච්ඡා පවත්වා සමාජය ඉදිරියේ වීරයන් වීමට හදන බවත් ලේකම්වරයා පැවසීය.

එය ආණ්ඩුවේ යහ පැවැත්මට සුබ නැති බවද අමාත්‍ය විමල් වීරවංශ මහතාට කැබිනට් මණ්ඩලයේ හා රජයේ සාමුහිකත්වය රැකීමට තිබුණු බවද නීතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කළේය.

වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

කෙසේ වෙතත් වත්මන් රජය හෝ ජනාධිපතිවරයා කිසිවකුගේ බලපෑමකට යටත් නොවන බවත් රට වෙනුවෙන්කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

Rate this item
(0 votes)