පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට කොවිඩ් 19 රෝගය වැළදීම ගැන තමන්ට කණගාටුවක් තිබෙන බවත් නමුත් සෞඛ්‍ය ඇමැතිතුමිය ප්‍රසිද්ධියේ බීලා පෙන්වූ පැණිය පියල් නිශාන්ත මන්ත්‍රීවරයා එය ප්‍රසිද්ධියේ බීලා පැණිය අසාර්ථක බව පෙන්වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ සභාව කල් තැබීමේ විවාදය ආරම්භ කරමිනි.
"කිසිම කෙනෙකුට කොවිඩ් වෛරසය හැදෙනවාට කැමැති නෑ. අපි හැමදෙනාම මිනිසුන් අපිට සුවපත් ජීවිතයක් ඕන. හැබැයි ප්‍රසිද්ධියේ පැණිය ගහලා කොවිඩ් හැදුන කෙනෙකු ගැන මම සතුටු වෙනවා. ඒ වෙන මුකුත් නිසා නොවෙයි. ප්‍රසිද්ධියේ සෞඛ්‍ය ඇමැතිතුමිය බීලා සහතිකයක් දෙනවා නම් ප්‍රසිද්ධියේ බීපු කෙනෙකුට හැදිලා තමයි ඒ සහතිකය බිදින්න පුළුවන්. පියල් නිශාන්ත මන්ත්‍රීවරයා එම රෝගය වැළදීම ගැන මගේ හෘදයාංගම කණගාටුවත් තියෙන අතර සෞඛ්‍ය ඇමැතිතුමිය ප්‍රසිද්ධියේ බීලා පෙන්නපු එක පියල් නිශාන්ත මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ බීලා එය අසාර්ථක බව පෙන්නපු එක ගැන සතුටු වෙනවා." යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.