May 03, 2024

හැරිසන් යළි එජාපයට - කපුවා නව සභාපති

හිටපු අමාත්‍යවරයෙකු වූ පී හැරිසන් මහතා යළිත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරවා ගැනීම සඳහා පක්ෂයේ නව සභාපති වජිර අභයවර්ධන මහතා සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දැනගන්නට තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හැරිසන් මහතා පරාජය වූ අතර ඉන් පසු ඔහු දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටීමට තීරණය කොට ඇත.

එහෙත් මීට ටික දිනකට පෙර අනුරාධපුරයේදී හැරිසන් මහතා මුණගැසුනු අබේවර්ධන මහතා හැරිසන් මහතාව  දුරකථනය ඔස්සේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවකට සම්බන්ධ කර දී තිබෙන බවද වාර්තා වේ.

Rate this item
(1 Vote)