May 03, 2024

කොරෝනා හැදුණු දයාසිරි තැබූ ෆේස්බුක් සටහන

කොවිඩ් ආසාදිතව ස්වයං නිරෝධායනයට යොමුවී සිටින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය ෆේස්බුක් සටහනක් තබමින් තමාගේ වර්තමාන තත්ත්වය පිළිබඳ සඳහන් කර තිබේ.

“මේ මොහොතේ covid-19 වෛරසය ආසාදනය වී ඇති ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන“බවද ජයසේකර මහතාගේ සටහනේ දැක්වෙයි.

අමාත්‍යවරයා මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යොමුකර සිටී.

දින කිහිපයක සිට පැවති උණ තත්ත්වය හේතුවෙන් දයාසිරි ජයසේකර මහතා ස්වේච්ඡාවෙන්ම පෙරේදා (07) දිනයේ පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු වී තිබුණි.

ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබෙන්නේ ඒ අනුවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් වෛරසය වැළඳුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.

එම ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

Rate this item
(0 votes)

Related items