May 03, 2024

ආණ්ඩුවේ තීරණයට ශ්‍රීලනිපයේ විරෝධය! කළ හැකි සියලු කරන්න දයාසිරි සූදානම්

December 22, 2020

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පළ කරන බව එම පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

මේ පිළිබඳ ලබන සතියේ සාකච්ඡා කිරීමට සූදානම් බවත් නැගෙනහිර පර්යන්තය අපේ අත්වලින් නිර්මාණය කළ එකක් බවත් වෙනත් රටකට හෝ ආයෝජකයින්ට අවශ්‍ය නම් දකුණු පර්යන්තයට අයෝජනය කිරීමට හැකියාවක් ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.  

මේ පර්යන්තය වෙනත් රටකට හෝ ආයෝජකයින්ට ලබා දීමට විරුද්ධ බවත් ඒ පිළිබඳ ගත හැකි සියලු ක්‍රිියාමර්ග ගැනීමට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)

Related items