May 02, 2024

ගරු ඇමතිතුමා, රෑට දෙකක් දාගෙන රුවන්වැලි සෑයට යන්න එපා - තලතා

December 10, 2020

රටපුරා බොහෝ අධිකරණවල විවිධ ගැටලුව තිබියදී, ඉඩකඩ, පහසුකම් පිළිබඳව ගැටලු මතුව තිබියදී විෂයභාර අමාත්‍යවරයා සිය අමාත්‍යංශය සඳහා මාසයකට රුපියල් ලක්ෂ 170 ක් වැය කිරීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අධිකරණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට සහභාගි වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.

පසුගිය රජය සමයේදී කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා විශාල මුදලකට ගොඩනැගිල්ලක් කුළියට ගත් බවට චෝදනා එල්ල කළ පුද්ගලයන් අද, කොවිඩ් වැනි වසංගතයක් ව්‍යාප්තව පවතින අවස්ථාවක මෙසේ නිකරුනේ මුදල් වැය කිරීම ගැටලුවක් බවද ඇය පවසනවා.

තලතා අතුකෝරළ මහත්මියගේ කතාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගමට බාධා එල්ල වූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් 'ගරු ඇමතිතුමා, රෑට දෙකක් දාලා රුවන්වැලි සෑයට යන්න එපා' යනුවෙන් සඳහන් කළාය.

Rate this item
(1 Vote)