May 05, 2024

සරත් විරසේකරට සිවිල් ආරක්ෂක බලකාය දෙන්න කියලා කිව්වේ මම - ඒ දවස්වල එයාට රස්සාවක් තිබුනේ නැහැ

December 07, 2020

"සිවිල් ආරක්ෂක ප්‍රධානියා හැටියට ඔහුව පත් කරන්න ඉස්සෙල්ලා ආරක්ෂක ලේකම් එවකට වර්තමාන ජනාධිපති මගෙත් එක්ක කතා කළා. මමයි කිව්වේ යෝජනා කලේ එයාට දෙන්න එයාට රැකියාවක් නැති නිසා" යැයි සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වනජීවි හා පරිසර අමාත්‍යාංශය අයවැය වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් සඳහන් කරයි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"2009 ජනවාරි 31 සහ පෙබරවාරි 01 රජය තීරණය කළා සටන් විරාමයක් දෙන්න. මම ඒකට විරුද්ධ වුනා. ත්‍රස්තවාදීන් ඒ වේලාවෙ අපිට පහර දුන්නා. මගේ සෙබළු කිලෝමීටර් 4ක් පස්සට ගියා. මට සෙබළු 300ක් විතර නැති වුනා. ඒ සටන් විරාමය දීපු නිසා තව කිලෝමීටර් තුනක් අපි පස්සට ගියා නම් මාන්කුලම කඩන් වැටුනා වගේ අවුරුදු දෙකයි මාස 6ක් කරපු යුද්ධය සම්පුර්ණයෙන් කඩා වැටෙනවා. අපි ඉතා අමාරුවෙන් ඒක මර්ධනය කරලා තමයි ඒ තත්වයෙන් බේරුනේ. සරත් වීරසේකර මහත්තයා ඒවා දන්නේ නැහැ. එතුමා යමක්කමක් ගැඹුරෙන් දන්නේ නැතුව කතා කරනවා."

"සිවිල් ආරක්ෂක ප්‍රධානියා හැටියට ඔහුව පත් කරන්න ඉස්සෙල්ලා ආරක්ෂක ලේකම් එවකට වර්තමාන ජනාධිපති මගෙත් එක්ක කතා කළා. මමයි කිව්වේ යෝජනා කලේ එයාට දෙන්න එයාට රැකියාවක් නැති නිසා. එතකොට කරන්නාගොඩ නේවි කමාන්ඩර් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කළා මෙයාට වාහනයක් දෙන්න, ඩ්‍රයිවර් කෙනෙක් දෙන්න, ආරක්ෂක භටයින් දෙන්න. මගේ ඔෆිස් එකට ඇවිල්ලා ඇඩුවා. ඒවා දෙන්නේ නැහැ කියලා. මමයි පුද්ගලිකව එයාට දුන්නේ.වාහනේ දුන්නා, ඩ්‍රයිවර් දුන්නා, ආරක්ෂක භටයෝ දුන්නා. සිවිල් ආරක්ෂක හමුදාවට අවශ්‍ය සියලුම නිලධාරීන් දුන්නේ මම."

Rate this item
(0 votes)

Related items