May 05, 2024

එදා කෝප්‍රල් අද කැබිනට් ඇමති : එදා සාජන් අද නිකම්ම මන්ත්‍රී - සරත්ගෙන් සරත්ට පිළිතුරු

December 03, 2020

ආනන්ද විද්‍යාලයේ කෙඩෙට් භට කණ්ඩායමේ සරත් ෆොන්සේකා මහතා සාජන් ධුරය දරද්දී ඔහු යටතේ තමා කෝප්‍රල් කෙනෙකු ලෙස සිටි බව සම්පූර්ණ ඇත්තක් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

එහෙත් ඒ කෝප්‍රල් අද කැබිනට් අමාත්‍යවරයකු බවත් සාජන්වරයා අද සාමාන්‍ය මන්ත්‍රීවරයකු බවත් මතක් කර දීමට කැමති බවද වීරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

එය තමන් දෙපළ අතර තිබෙන හිතවත්කමට ප්‍රශ්නයක් නොවන බව ද වීරසේකර මහතා පෙන්වා දෙයි.

වීරසේකර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ තමා ආනන්ද විද්‍යාලයේ කෙඩෙට් භට කණ්ඩායමේ සාජන් ධුරය දරද්දී තමා යටතේ කෝප්‍රල්වරයකු ලෙස සිටි වීරසේකර මහතා දියුණුවට පත් වී කැබිනට් අමාත්‍යවරයකු වීම සම්බන්ධයෙන් තමා සතුටු වන බවට ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂයට එක්වෙමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස ය.

සරත් වීරසේකර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂයට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 December 2020 16:14

Related items