June 04, 2024

ශානි අබේසේකරව IDH රෝහලට මාරු කරන්නැයි සජිත් ඉල්ලයි

November 27, 2020

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රතිකාර  සඳහා අයි.ඩී.එච් රෝහල වෙත මාරු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේය.

මහර බන්ධනාගාරයේ රඳවා සිටින අබේසේකර මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව මීට දින දෙකකට පෙර වාර්තා වුණි.

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් අබේසේකර මහතාගේ අයිතිවාසිකම් පිළිබඳ ව පෙන්වාදී තිබේ.

ශානි අබේසේකර මහතා ව කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යවා ඇතිබව දැනගත් විට තමන් පුදුම වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය ලිපියෙන් පවසයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 November 2020 19:43