May 07, 2024

"මන්ත්‍රීතුමා මාවත් පොඩ්ඩක් මතක් කරන්න" සංජිව එදිරිමාන්න යහපාලන මාධ්‍ය නිදහස ගැන රාජිතට මතක් කර දෙයි (VIDEO)

November 25, 2020

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන් නොව පහුගිය යහපාලන රජයෙන් කිසිදු මාධ්‍යවේදියෙකුට හෝ මාධ්‍ය ආයතනයකට කිසිදු ආකාරයක කරදරයක් හෝ හිරිහැරයක් සිදු නොකළ බව විදේශ කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශිර්ෂයේ විවාදයට එක්වෙමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරන ලදී.

එම අවස්ථාවේදී නැගී සිටි කළුතර දිස්ත්‍රික්කයම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සංජිව එදිරිමාන්න මන්ත්‍රීවරයා සිනහමුසු මුහුණින් යුතුව සේනාරත්න මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ "ඔබතුමාගේ දිස්ත්‍රික්කය නියෝජනය කරන මාවත් පොඩ්ඩක් මතක් කරන්න" යන්නයි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගසම ස්වාධින රූපවාහිනී සේවයේ සේවය කළ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු කිසිදු හේතුවක් නොදන්වා සේවයෙන් පහ කරන ලදී. වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සංජිව එදිරිමාන්න මහතා ද එසේ සේවයෙන් පහ කරන ලද මාධ්‍යවේදියෙකි.

Rate this item
(0 votes)