May 07, 2024

"එදා මාව ඇතුලට දාන්න ෆයිල් උස්සන් ගිය මැඩිල්ලේ හාමුදුරුවන්ට අද ඒ CID යෙන්ම ලැබෙනවා" (VIDEO)

November 25, 2020

විදේශ කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශිර්ෂයේ විවාදයට එක්වෙමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සිය කතාවේ වැඩි කොටසක් වෙන් කරනු ලැබුවේ මාධ්‍ය නිදහස මර්ධනය කිරීමට එරෙහිවයි.

සිය කතාව ආරම්භයේදී මැඩිල්ලේ හිමිට මාධ්‍ය සාකච්ජාවක් හේතුවෙන් CID යේ ප්‍රශ්න කිරීම්වලට මුහුණ දීමට සිදු වූ බව සිහිපත් කළ සේනාරත්න මහතා "එදා මාව ඇතුලට දාන්න CID එකට ෆයිල් උස්සන් ගිය මැඩිල්ලේ හාමුදුරුවන්ට අද ඒ CID යෙන්ම ලැබෙනවා" යනුවෙන් සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන් නොව පහුගිය යහපාලන රජයෙන් කිසිදු මාධ්‍යවේදියෙකුට හෝ මාධ්‍ය ආයතනයකට කිසිදු ආකාරයක කරදරයක් හෝ හිරිහැරයක් සිදු නොකළ බව ප්‍රකාශ කරන ලදී.

එම අවස්ථාවේදී නැගී සිටි කළුතර දිස්ත්‍රික්කයම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සංජිව එදිරිමාන්න මන්ත්‍රීවරයා සිනහමුසු මුහුණින් යුතුව සේනාරත්න මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ "ඔබතුමාගේ දිස්ත්‍රික්කය නියෝජනය කරන මාවත් මතක් කරන්න" යන්නයි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගසම ස්වාධින රූපවාහිනී සේවයේ සේවය කළ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු කිසිදු හේතුවක් නොදන්වා සේවයෙන් පහ කරන ලදී. වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සංජිව එදිරිමාන්න මහතා ද එසේ සේවයෙන් පහ කරන ලද මාධ්‍යවේදියෙකි.

Rate this item
(0 votes)