May 03, 2024

අමු මාළු කාලා මම කළේ මෝඩ වැඩක් නෙවෙයි - දැන් විකිණෙන එකත් වැඩි වෙලා - දිලිප් වෙදආරච්චි (VIDEO)

November 19, 2020

අමුවෙන් මාළු ආහාරයට ගෙන තමන් කළේ මෝඩ වැඩක් නොවන බවත් තමා කෑවේ නැවුම් මාළු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා සඳහන් කරයි.

තමා මාළු කෑ නිසා මාළුවලට ඉහල ඉල්ලුමක් පවතින බවත් විකිනෙන ප්‍රමාණයේ ප්‍රගතියක් ඇති බවස ඒ මහතා පවසයි.

තමා අමුවෙන් මාළු කෑම පිළිබඳව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමන්ට දොස් නොපැවරූ බවද පවසන වෙදආරච්චි මහතා සඳහන් කරන්නේ තමාගේ උවමනාවට ප්‍රවෘත්ති සාකච්ජාවක් තැබූ බවය.

තමන් සිදු කල දේ ආණ්ඩුව විසින් මෙන්ම ධීවර ඇමති විසින් කළ යුතු එකක් බවත් තමා ලෝකයා හිනැස්සුවේ නැති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ආණ්ඩුව ඇතුලේ දැනටමත් කැරැල්ලක් පටන් ගෙන ඇති බවත් ලගදිම පිරිසක් තම පක්ෂයට එන බවත් ඒ මහතා සඳහන් කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා මෙම අදහස් පල කලේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 November 2020 18:38