May 03, 2024

භූමිදානයට මගේ කැමැත්ත ලබා දෙනවා - ඇමති චන්ද්‍රසේන

November 15, 2020

කොවිඩ් 19 රෝගයෙන් මිය යන්නන් භූමිදානය කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

සෑම ජන කොට්ඨාසයකටම තිබිය යුතු අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

කොවිඩ් 19 රෝගයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් භුමිදානය කිරීමට ඉඩ දෙන ලෙස මුස්ලිම් ආගමික නායකයින් මෙන්ම අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ද රජයෙන් කර තිබෙන ඉල්ලීමට මේ වන විට ප්‍රතිවිරෝධතා ද එල්ල වෙමින් තිබේ.

Rate this item
(6 votes)
Last modified on Sunday, 15 November 2020 10:50