May 07, 2024

රැපීඩ් ටෙස්ට් ගේන්න තිබුණු වේගය කොරෝනා වැඩ ටිකට තිබුණා නම් අද මේ රටේ කොරෝනා නැහැ

November 13, 2020

රාජිත සේනාරත්න මහතා අද (13) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයේ දී කියා සිටියේ රැපීඩ් ඇන්ටිජෙන් ටෙස්ට් කට්ටල ගේමට තිබූ හදිස්සිය කොරෝනාව මර්දනය කිරීමට තිබුනා නම් අද මෙරට කොරෝනා උවදුර නොමැති බවයි.

මෙරට රැපීඩ් ඇන්ටිජෙන් ටෙස්ට් කට්ටල ගෙන ඒමේ ඉල්ලීම මෙම වසරේ අප්‍රේල් මාසයේ සිටම ඔවුන් ඉල්ලා සිටි බවද රාජිත සේනාරත්න මහතා එහිදී ප්‍රකාශ කළේය.

නමුත් එක්වරම ඔක්තොම්බර් මාසයේ 28 වෙනිදා ටෙන්ඩර් කැඳවූ බවත් නොවැම්බර් 02 වෙනිදා එම ටෙන්ඩර් කැඳවීම අවසන් කළ බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය. 

එහිදී මෙම ටෙන්ඩර් ඉල්ලීම සඳහා වැඩ කරන දවසක් එකක් පමණක් තිබූ බවද ඔහු එහිදී අවධාරණය කළේය.

තිස්දෙදෙනෙකු මෙම රැපීඩ් ඇන්ටිජෙන් ටෙස්ට් කට්ටල මෙරටට ගෙන ඒම සඳහා ටෙන්ඩර් ඉල්ලා තිබූ බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු එහිදී සඳහන් කළේ නොවැම්බර් 02 වෙනිදා ටෙන්ඩර් අවසන් කළ වහාම නොවැම්බර් 05 වෙනිදා වන විට මෙම රැපීඩ් ඇන්ටිජෙන් ටෙස්ට් කට්ටල මෙරටට ගෙන්වා තිබූ බවද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළ ඒ මහතා තමන්ගේ ඉතිහාසය තුළ මෙතරම් ඉක්මණින් ප්‍රසම්පාදනයක් කළ කාලයක් නොදුටු බවද සඳහන් කළේය.

මේ ආකාරයෙන්ම කොරෝනා වෛරසයේ ඉතිරි වැඩ ටිකත් කළා නම් අද මේ වන විට මෙරට කොරෝනා වෛරසය නොමැති බවද රාජිත සේනාරත්න මහතා කළේය.  

මේ වේගයෙන් නොව දෙගුණයක වේගයන් අඩු කර හෝ කළා නම් අද කොරෝනාව ලංකාවේ නොමැති බවද ඔහු වැඩිදුරටත් කළේය.

රාජිත සේනාරත්න මහතා කළ සම්පුර්ණ කතාව,

Rate this item
(0 votes)
Last modified on Friday, 13 November 2020 11:49