May 08, 2024

චන්න ජයසූමනගේ "මහාචාර්යකම" ගැන රාජිත හෙළි කරයි (VIDEO)

November 03, 2020

අද (03) පැවැති මෙම මස පළමු පාර්ලිමේන්තු සැසිවාරයේ දී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ තමන් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ දී වෛද්‍ය සභාවට කිසිදු ඇඟිලි ගැසීමක් හෝ බලපෑමක් සිදු නොකළ බවයි.

නමුත් අද වෘත්තීය සමිති හේතුවෙන් වෛද්‍ය සභාවේ කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇතැයි ද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

නමුත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසූමන මහතා සිය කතාවේ දී  රාජිත සේනරත්න මන්ත්‍රීවරයාට පිළිතුරු ලබා දුන්නේ ය.

රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරී ලෙස කටයුතු කළ උපුල් ගුණසේකර මහතාව ජාතික වෛද්‍ය සභාවට නම් කළ බවත් එතුමා හරහා වෛද්‍ය සභාවට බලපෑම් කළ බවද අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

එයට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ තමන් උපුල් ගුණසේකර මහතාව ඒ සඳහා පත් නොකළ බවත් ඔහුගේ ධූර කාලයේ වෛද්‍ය සභාවේ සිටි පිරිසගේ ධූර කාලය දිගු කළ බවයි.

ඉන්පසුව අමාත්‍ය චන්න ජයසුමන මහතා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගෙන්  ප්‍රශ්න කර සිටියේ උපුල් ගුණසේකර යනු ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරී යන්නයි,

රාජිත සේනාරත්න මහතා එහිදී කියා සිටියේ ඔවුන් සියල්ලම ජාතික වෛද්‍ය සභාවේ නියෝජිතයන් පමණක් බවයි. 

මෙම ප්‍රකාශයත් සමඟ දෙදෙනා අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටියේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ නැව් ටික ගෙන ඒම සඳහා සම්බන්ධීකරණය කළේ උපුල් ගුණසේකර බවයි.

එයට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ අමාත්‍ය චන්න ජයසුමන ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට ආව බවත්, සරත් ගුණතිලක මහතාගේ පර්යේෂණ පත්‍රිකා ලබාගනිමින් මහාචාර්ය කෙනෙකු වූ බවයි.

මෙම සංවාදයේ සම්පුර්ණ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 November 2020 18:17