May 07, 2024

මම දුෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙක් කියලා මමවත් දන්නේ නෑ - මලික්

September 30, 2020

එසේම හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දූෂණ විරෝධී කමිටුව පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාව ගැන තමා කිසිසේත්ම නොදන්නා බව එම දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙක් ලෙස නම් සඳහන් වූ හිටපු ඇමැති සහ එවකට එක්සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයා වූ මලික් සමරවික‍්‍රම මහතාද කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

තමාගේ නම එම දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයකු ලෙස සඳහන්ව තිබුණත් තමාට එහි රැුස්වීම්වලට කතා කළේ නැති බවද ඒවාට තමා සහභාගි නොවූ බවද මලික් සමරවික‍්‍රම මහතා කීවේය.

මෙම කොමිසම ඊයේ උදේ 11.00 ට පමණ එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ මැදහත්භාවයෙන් රැස් විය.

Rate this item
(0 votes)