එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අයිති තමන්ට බවත් එජාප නායකයා විසින් නුදුරේදීම තමන්ව ඒ සඳහා පත්කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
ජෝන් අමරතුංග මහතා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
"මට තමා අයිතිය තියෙන්නෙ. ඒක නායකතුමා තීරණය කරලා ඒ පත්වීම දෙන්න ඕනෙ. එතුමා යථා කාලෙදි කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම ඕක කෑකෝ ගහලා උදුරලා ගන්න යන්නෙ නෑ. මගෙ අයිතිය ඒ විදියට ලැබිය යුතුයි කියන ස්ථාවරයේ තමා මම ඉන්නෙ. අනිවාර්යයෙන්ම මම සූදානමින් ඉන්නෙ. මම අවුරුදු 42ක් හිටියා අඛණ්ඩව පාර්ලිමේන්තුවේ. තව අවුරුදු තුන හතරක් ඉන්න එක මට ඒ හැටි කාරණයක් නෙවෙයි" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයෙහි ජාතික ලැයිස්තුවෙහි අංක 1 වශයෙන් නම සඳහන්ව ඇත්තේ ජෝන් අමරතුංග මහතාගේය.